Sunday, May 17, 2020

The repenting mother.

Natella ….. The Repenting Mother….

To :.........

Aniko has bought the front house
And has rubbed the Caucasian chalk on its walls.
Oh! all things became to reflect on walls
Now, this is not the time to fear
Please keep this with my tear….

I realized you are the mother
Who can feed my son!
I wanted to get my dividcle
Through my baby Michael
But finally it was a circle…

You gave up your family,
You gave up your youthfulness
You gave up your Simon,
You gave up your everything,
To protect my destitute Michael.
But what did I?

You proved us that, love means
“ Giving up “

So Grusha, I repent about my sin
You are the mother Michael can win ! -----------------------------------------------------------------------------------------------

Ever loving,
Natella.
‘’ The repenting  Mother of Michael” 

                             (Tharushi)

වෙස් මුහුණු

වෙස් මුහුණු  👹️👺
..........................................................

           වෙස්මුහුණු කිව්ව ගමන් මතක් වෙන්නේ, අම්බලන්ගොඩ.
           ඇත්තටම වෙස්මූණු තියෙන්නෙ අම්බලංගොඩ විතරමද?? 🤔 ඉන්න ගමන් පොඩ්ඩක් මූණට තට්ටුවක් දාලා බලන්න සැබෑ මුහුණට උඩින් දාගත්ත වෙස්මුහුණු කීයකට ඒ තට්ටුව වැදෙනවද කියලා... 😊

මිනිස්සු ජීවිත කාලෙදි එක එක භූමිකා රගපානවා. ඒ හැම භූමිකාවකටම එකම පෙනුම ගැලපෙන්නෙ නැති නිසා වෙනස් වෙනස් වෙස්මුහුණු පලදිනවා. එහෙම කරලා කාලයක් යද්දි අපිට වෙස්මුහුණු දාගත්තා කියලා අමතක වෙලා යනවා. සමහරු උවමනාවෙන්ම අමතක කරලා දානවා. තවත් කොටසක් මතක් කරලම වෙස්මූණු ගලවලා දානවා. අනිත් කොටස හොද අවදානෙකින්ම දාගත්ත වෙස්මූණු maintain කරනවා. ඔන්න ඔය කාරණා නිසා මිනිස්සු වර්ග තුනකට වෙන්වුණා.
සුදු, කලු සහ අලු!!

ඒ කාරණාවට හොඳ උදාහරණයක් සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ නවකතාව. කතාවේ එක තැනකදි දෙවොන්දරා සං කියතෝවට යන්න කලින් නොරිකෝ එක්ක, වෙස්මුහුණු දෙකක් හුවමාරු කරගන්නවා. තමන්ගේ යටිහිත ඊර්ෂ්‍යාවෙන් හා නපුරුකමින් පිරිලා කියලා දෙවොන්දරා නොරිකොට බිහිසුණු පෙනුමක් තියෙන වෙස්මූණක් අරන් දුන්නත් නොරිකෝ ඔහුට තෑගි කරන්නේ සෞම්‍ය පෙනුමක් තියෙන වෙස්මුහුණක්. ඒත් අවසානයට සැබෑ තත්වය නොකියාම නොරිකෝ දීපු වෙස්මුහුණ, පසෙකින් තියලා ඔහු නිදිපෙති බොන්න තීරණය කරන්නෙ වෙස්මුහුණෙ තිබුණ  සෞම්‍ය බව සැබෑ ලෝකෙදි ඈ තුලින් ඔහුට නොදැනුන නිසා.
ඒ කතාවට ප්‍රවිශ්ටයක්.
--------------------------------------------------

මීට අවුරුදු 15කට විතර කලින් මගේ ගුරුදෙවියෙක්ගෙන් ලැබුනා අපූරු තෑගි පාර්සලයක්. ඒකෙ තිබ්බේ ඔහුගේ පුතා පුංචි  කාලයේ කියවපු ගොඩක් පැරණි, ඔහු කුඩා කාලයේ එකතු කරපු, මේ වෙද්දි මුද්‍රණය නොවන ළමා කතා පොත් 40ක් 50ක් විතර. ඒ එක පොතක තිබ්බ කතාවක් කෙටියෙන් මං උපුටාගන්නවා.

මිනිස්සු වාසය කරන ගමකුයි, ඊට එහායින් විශාල කදු වලින් පිරුණු කැලෑවකුයි, ඒ දෙක අතර ගොල්ෆ් පිට්ටනියකුයි තිබුණා. මේ කතාව ගෙතිලා තිබ්බේ අර තියෙනවා කිවුව කැලේ ඉදපු නරියෙක් වටා. මේ නරියා හැමදාම උදේම අවදිවෙලා එයා ජීවත් වුන "නරියා කන්ද" කියන කන්දෙන් බැහැලා ගොල්ෆ් පිට්ටනියේ මායිමට ඇවිත් හැංගිලා, මිනිස්සු ගොල්ෆ් ගහන හැටි හරිම ආසාවෙන් බලන් ඉන්නවා. එයාගේ එකම ආසාව වුණේ මිනිස්සු වගේ ගොල්ෆ් සෙල්ලම් කරන එක. කාලයක් යද්දි මේ නරියට ලැබුණු වරයක් වගේ දෙයකින් එයාට පුලුවන් වෙනවා ඕක් කොළයක් ඔලුව උඩින් තියලා "කිං පොං තාං" කියලා මන්ත්‍රයක් කියලා මනුස්සයෙක් වෙන්න. එහෙම මනුස්සයෙක් වුනාම එයාගේ නම "කොන්කිච් කන්දේ ගෙදර"  (කතා පොතට යොදලා තිබුන නම). මේ කොන්කිච් කන්දේ ගෙදර ඔය විදියට කරලා නිතරම ගමට ගිහින් මිනිස්සු එක්ක ගොල්ෆ් ගහන්න පටන් ගත්තා. හැබැයි සූට් බූට් ගහගෙන මනුස්සයෙක් වගේ අනිත් අය එක්ක සෙල්ලම් කලත් මෙයාගෙ පෙනුම නරියෙක් වගේ කියලා හැමෝම කොන්කිච්ට හිනා වෙන්න ගත්තා. අන්තිමේ ඒ හිනා වලින් හිත රිදවගන්න මේ නරියා තීරණය කරනවා මිනිස්සුන්ගෙන් ඈත් වෙලා නරියෙක් විදියටම කැලෑවට වෙලා ජීවත් වෙන්න.

කතාවෙ වගේම සමහර අවස්ථා වලදි අපිට සිද්ධ වෙනවා අනවශ්‍ය භූමිකා රගපාන්න ගිහින් අමතක නොවන පාඩම් ඉගෙන ගන්න. හැබැයි තව වෙලාවකට මෙහෙමත් හිතෙනවා; බාහිර ආටෝපයන්ගෙන් මිනිස් ජීවිත වල වටිනාකම මනින යුගයක, කෙනෙක් වෙස්මුහුණු පලඳනවා කියන එක ගැන, දැන හෝ නොදැන වෙස්මුහුණු maintain කරන තව කෙනෙක් වද වෙන්න ඕන නැහැ නේද කියලත්.

ඒ කොයික වුනත්,
මේ ලෝකේ සැබෑ මුහුණින්ම විතරක් ඉන්න තනි සුදු හෝ කලු අය අල්පයි වගේම අපි හැමකෙනෙක්ම වගේ, තවත් අයගේ වෙස්මූණු වලට රැවටුණ, තවත් අයව අපේ වෙස්මූණු වලින් රවට්ටන් තම තමන් සාධාරණීය කරණය කර ගන්න, සාධාරණ මිනිස්සු!

(*****)